Posts

Showing posts from July, 2017
Image
ලංකාවේ වාසය කරන විෂගුරුසර්පයෝ සර්පයන් දශ්ඨ කිරීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා ඔවුන් හදුනා ගෙන සිටීම ඉතා වැදගත් වේ. මේ සදහා 1.ඔවුන්ගේ බාහිර පෙනුම (හිස,කද සහ වලිගයේ ස්වභාවය) 2. ශල්ක හෙවත් කොරපොතු වල සංවිධානය 3. දේහ ලක්ෂණ පිළීබද ව සැලකිලිමත් විමෙන් මොවුන් පහසුවෙන් හදුනා ගත හැක.   Common Cobra ( Naja naja naja ) යන   සත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන   නාගයාට ඉහලට එසවිය හැකි පෙණයක් ඇති අතර උඩු තොලයට ඉහලින් ඇති තෙවන ශල්කය ඇස හා නාස් විවර අසල වූ ශල්කය සමග සම්බන්ධයි. දේහයේ ඉදිරි කොටසේ   මතුපිට දර්ශනීය සලකුනු   ඇත. සිනිදු ශල්ක වලින්   සිලින්ඩරාකාර දේහය ආවරනය වී ඇති අතර දිගු වලිගයකින් සමන්විත මෙම සර්පයා උග්‍ර විෂ සහිතය. මෙම   විෂ ශරීරගත වීමෙන්   ස්නායු පද්ධතිය මත බලපෑම් ඇති කරයි.      Common krait ( Bungarus caeruleus ) තෙල් කරවලා (මග මරුවා) මග මරුවා හෙවත් තෙල් කරවලා වියලි කලාපයේ සිට මීටර 300 ක් දක්වා වන උස් භූමි ප්‍රදේශයේ ද වාසය කරයි.තෙල් කරවලා කලු පැහැයෙන් යුක්ත අතර   සුදු පැහැති මුදු පෙළක් දේහයේ අග දක්වා දිස්වේ . මෙම සර්පයාද උග්‍ර විශ සහිත සර්පයෙක